Wednesday, June 2, 2021

 

ත්‍රිපිටක පොලීසි පනත පනින රිලවුන්ට ඉනිමං බැ‍‍‍ඳීමකි

රංජන් රාමනායකට රෙහිව නඩු පැවරෙන්නේ මාගල්පොත්තේ චීවරධාරියකුගේ පැමිණිල්ලක් නිසාය. පුරවැසියන්ට නඩු පවරා දඬුවම් ලබා දීම සංඝයාට විනය පිටකයෙන් පවරා ඇති කාර්යයක් දැයි අපි නොදනිමු. කෙසේ වුව  රංජන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මේ චීවරධාරියා විසින් සිදුකිරීමට හේතුව ලෙස සැලකිය හැක්කේ රංජන් විසින් ළමා සාමනේරයන් හට විඳින්නට සිදු වූ ලිංගික අතවර පිළිබඳව කථා කිරීම බව පැහැදිළිය.

ශක්තික සත්කුමාර ලේඛකයාට එරෙහිව පැමිණිලි කරන්නේ  චීවරධාරීන් ඇතුළු පිරිසකි. එම පැමිණිල්ල නිසා එම ලේඛකයා අවුරුද්දකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිට චෝදනා රහිතව නිදහස් කරන ලදී. එම පැමිණිල්ල නම් ඔහුගේ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කිරීමයි.

ඉහත උදාහරණ දෙක දැක්වීමට හේතු වූයේ මෙරට සමහර චීවරධාරීන් සහ අන්තවාදී උපාසක චණ්ඩාලයින් විසින් රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ගේ විනය විරෝධී පාරාජිකා පිළිවෙත් පවත්වාගෙන යෑමට විරුද්ධව කතා කරන්නන් බිය වැද්දීමට හා සිරගත කිරීමට සාපරාධී ලෙස ක්‍රියා කිරීමට පෙළඹී ඇති බව පෙන්වා දීමටය.

දැනට පවතින නීතිවලට වඩා හොඳින් තමන්ගේ සාපරාධී ක්‍රියා කරගෙන යෑමට මෙම නව නීතිය මගින් එම පිරිසට ඉඩ ලැබීම සිදු වේ. මෙය පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වන්නේ එහෙයිනි.

පනත් කෙටුම්පත බලන්න:

https://cdn.fbsbx.com/v/t59.2708-21/167925671_298997161750124_5066535870464524678_n.pdf/null.pdf?_nc_cat=105&ccb=1-3&_nc_sid=0cab14&_nc_ohc=Rhzzpk_FsjEAX_EsKDl&_nc_ht=cdn.fbsbx.com&oh=a44f9e2ddc42445368cb1a3485338040&oe=60B8E864&dl=1

No comments:

Post a Comment