ජේත්තුකාර රස්තියාදුව 0 May 18, 2014 2:00 am Hits(38)
නොසිතූ මොහොතක රස්තියාදුකාරයාට දුරකතන ඇමැතුමක් ලැබුණා. සාමාන්‍යයෙන් අද දවසේ දුරකතන ඇමැතුමක ඇති සුවිශේෂයක් නෑ. හැමෝම අතේ අද ජංගම දුරකතන තියෙනවනේ. ඒත් මේ ඇමතුම රස්තියාදුකාරයාට ලැබෙන්නේ අවුරුදු දහයකට පස්සේ. ඒ රස්තියාදුකාරයාගේ අතීත පෙම්වතියකගෙන්. තිදරු මවකුත් වුණු ඇයට හදිසියේ රස්තියාදුකාරයාව මතකයට ඇවිල්ලා.
ඇගේ හඬ කන වැටුණු ඇසිල්ලෙම රස්තියාදුකාරයා දෙවරක් නොසිතා ඇය ඇමැතුවා.
‘ඇයි සකුණි.’
‘අවුරුදු 10කට පස්සේ ඔයා එකපාරටම මගේ කටහඬ හඳුනාගත්තේ කොහොමද?’ ඒ ඇගේ පළමු පැනය.
‘සකුණි, අවුරුදු 10ක් කියන්නේ දිගු කාලයක්. කැලණි පාලම යටින් මොනතරම් වතුර ගලාගෙන යන්න ඇතිද? ඉරවල් කීයක් පායන්න ඇතිද? මට හමුවුණු ඔයා වගේ පුංචි කෙල්ලෝ කාරණා කාරණ දන්න ගැහැනු වෙන්න ඇතිද? කී දාහක් ඉපදිලා, කී දාහක් මැරෙන්න ඇතිද? ඒ හැමදේම එහෙම වුණත් ඔයාගේ මතකය, මට තව අමතක නෑ.’
රස්තියාදුකාරයා හැඟුම්බර වුණා.
‘ඔයා මට ඔච්චරටම ආදරේ කළාද?’ ඇගේ හෙ¾ඩ් ශෝකයක්ද, පසුතැවිල්ලක්ද යන්න තේරුම්ගන්න රස්තියාදුකාරයා අසමත් වුණා.
‘ඇත්තමයි සකුණි. මම ඔයාට මලකට, සමනලයකුට වගේ ආදරය කළා. මගේ ආදරය හරි අහිංසකයි. මම ඔයාව ඇඳක් එක්ක සම්බන්ධ කරලා හිතුවේ නෑ. සත්තයි.’
රස්තියාදුකාරයා කටහඬ අවදි කළා.
‘ඔයාට වැරැදුණේ ඔතැනයි’ ඒ සකුණි.
රස්තියාදුකාරයා මොහොතකට ගොළු වුණා. එයාගේ මුළු ශරීරයම අප්‍රාණික වෙලා ළඟම තිබුණු පුටුවකට කඩා වැටුණා. තවදුරටත් දුරකතනයට සවන් දෙන්නවත්, කතා කරන්නවත් රස්තියාදුකාරයාට පුළුවන්කමක්වත් ඕනෑකමක්වත් ඉතිරිවෙලා තිබුණේ නෑ. ඉර හතක් පායන මහ දවාලේ එයාගේ ලෝකේ අන්ධකාර වුණා.
රස්තියාදුකාරයාගේ අතීත ආදර කතා අපට මොකටද කියලා ඔයාලට හිතෙනව ඇති. ඒක ඇත්ත. මනෝමයෙන් හරි ආදරය නොකරපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒත් මෙතැනදී රස්තියාදුකාරයා අවුරුදු 10කට පස්සේ දැනගත්තු දේ සමහර ආදරවන්තයෝ කලින්ම දැනගන්නවා. ඒත් මේ දේ දැන නොගෙනම ජීවිතය ගෙවා දාන අයත් ඉන්නවා.
ආදරය වෙනුවට රාගය විතරක් ගැහැනියගෙන් බලාපොරොත්තු වන පිරිමි නම් මෙතැනදී උදම් අනාවි. ගැහැනුන්ට මොන ආදරයද? උන්ට ඕනෑ සෙක්ස් විතරයි කියාවි. ඒත්, රස්තියාදුකාරයා ගැහැනිය එච්චර සරල තැනකට ලඝු කරන්නේ නෑ. එහෙම කළොත් ඒක වැරැදියි.
අපි ආයෙම සකුණි කියන දේ විමසලා බලමු. රස්තියාදුකාරයා ඇයට ආදරය කරන්නේ මලකට, සමනලයකුට වගේ. මල හා සමනලයා අයිති වන්නේ ස්වභාවධර්මයට. සොබාදහමට ඇලුම් කරන අපි කවුරුවත් සොබාදහම තමන්ගේ කරගන්න උත්සාහ කරන්නේ නෑ. මොකද එහෙම කරන්නත් බෑනේ. සකුණි කියන්නේ සොබාදහම වගේ අචේතනික වස්තුවක් නෙවෙයි. රස්තියාදුකාරයාට වරදින්නේ අන්න එතැනදී. ඇයත් ලෙයින්, මසින් තැනුණු හැඟීම්, දැනීම් තියෙන මනුෂ්‍ය ප්රාණියෙක්නේ. ඒත් මේ කාරණය එතැනින්ම හමාර කරලා හිත හදාගන්න බෑ. මොකද ඒ බව හොඳටම දන්න හැම කාම කලාවේ කෙළ පැමිණි පිරිමින්ට පවා වරදිනවා.
හැම වෙලාවෙම වගේ පිරිමියකුට ගැහැනිය පිළිබඳ තියෙන්නේ වැරැදි වැටහීමක්.
රස්තියාදුකාරයාගේ කතාවේදී එයා සකුණිට කවි ලියනවා. සකුණිගේ චිත්‍ර අඳිනවා. සකුණිත් එක්ක පොත්පත් ගැන කතාකරනවා. ඇලෙක්සැන්ඩර් කැෆරින්ගේ ‘රන් මිණි වළල්ල’ කතාවේ ආදරය වෙනුවෙන් සියදිවි හානි කරගත් ෂෙල්ට්කොෆ්ව අගය කරනවා. ජීවිතයට එක් වතාවක් පමණක් අහම්බෙන් කෙනකුට ලැබෙන දිව්‍යමය ප්‍රේමය ගැන කතා කරනවා. රස්තියාදුකාරයා දිව්‍යමය ප්‍රේමයක ආනන්දයෙන් සකුණි දිහා බලන්නේ.
ඒත් ඊට වෙනස්ව සකුණිට ඇත්ත ජීවිතයේ ප්‍රශ්න තියෙනවා. එයා ඉන්නේ එයාව හදිසියේ අත්හැරලා එයාගේ හොඳම යෙහෙළියව විවාහ කරගත් පෙම්වතාගේ මතකයෙන්. ඒ විතරක්ද අකාලයේ මියගිය තමන්ගේ ආදරණීය සහෝදරයා ගැන මතකයෙන්. දුරින් ඉඳගෙන ආදරය කරපු රස්තියාදුකාරයාගෙන් අෑට ඇගේ ප්‍රශ්නවලට උත්තරයක්වත්, ඇයට සැනසුමක්වත් ලැබෙන්නේ නෑනේ. ඒ වෙනුවට ඇගේ හැම ප්‍රශ්නයකදීම ඇගේ ළඟින් හිටපු, ඇයට අවශ්‍ය වෙලාවට අෑ ළඟ ඉන්න ඇගේ හොඳම යාළුවාව ඇය විවාහ කරගන්නවා; රස්තියාදුකාරයටයි එයාගේ මල්වලට, සමනලයන්ට කැමති දෙයක් කරගන්න ඇරලා.
යමක්කමක් තියෙන පිළිවෙළට ඉන්න පවුල්වල තරුණියෝ පවා හිටිහැටියේ තමන්ට වඩා පහළින් ඉන්න තරුණයෝ එක්ක පැනලා යනවා. සමහර මන්ත්‍රිවරුන්ගේ ළාබාල දියණිවරු මන්ත්‍රිතුමාගේ ශරීර ආරක්ෂකයෙක් එක්ක පැනලා යනවා වගේ. එහෙම නැතිනම් ධනවත් මුදලාලිගේ දුවලා හෝටලයේ වේටර් තරුණයෙක් එක්ක වහං වෙනවා වගේ. අතීත ඉන්දියාවෙත් පටාචාරා සිටු දුව කැලේ වැදුණේ සිටු මැඳුරේ මෙහෙකාරයා එක්කනේ. ඇයි මෙහෙම වෙන්නේ?
මුදල් හොයන එක, වස්තු රැස්කරන එක ලේසි දෙයක් නෙවෙයි. සිටුවරු, මහා මුදලාලිලා ධනයත් එක්ක ගැටෙද්දී එයාලට තමන්ගේ දියණියන් මඟහැරෙනවා. මන්ත්‍රිතුමා ඡන්දදායකයන් එක්ක දඟලද්දී, දුවගේ තනි නොතනියට ඉන්නේ රියැදුරු, නැත්නම් ආරක්ෂක නිලධාරියා. ඇයට අවශ්‍ය දේ කෙරෙන්නේ ඔහු අතින්. ඇය කැමැති තැනක යන්නේ ඔහු එක්ක. ඇයට අවශ්‍ය සැලකීම වගේම ආරක්ෂාව ලැබෙන්නේ ඔහුගෙන්.
විධායක ශේ්‍රණියේ පෙම්වතකුට තමන්ගේ පෙම්වතියට ඕනෑ ඕනෑ වෙලාවක ඇය මුණගැහෙන්න බෑ. ඒත් සමාජයේ පහළ ස්ථරයක තරුණයකුට - නිදසුනක් විදියට ත්‍රිරෝද රථ රියැදුරකුට එහෙම ගැටලුවක් නැහැ. ඇයත් එක්ක ඇගේ ගමන්බිමන් යන්න ඔහුට බාධාවක් නෑ. මල්, සමනල්ලු නොදන්නවා වුණාට ඇගේ දුක, ශෝකයේදී ඇයව සනසන්න පාරේ ජීවිත ගතකරන එයාලා හොඳට දන්නවා. ඉතින්, ඊට පස්සේ එයාලාගේ පශ්චාත් විවාහය අපි දෙවියන් වහන්සේට භාර දෙමු.
මෙතැනදී යමක්කමක් තියෙන, යම් ප්‍රාමාණික උගත්කමක් තියෙන තරුණයා වටහා නොගන්නා යමක් තියෙනවා. ඔහු තරුණියන්ව කොටස් දෙකකට බෙදනවා. දුටු පමණින් කාමය උපද්දවන, මොහොතක කම් සැපතකට පමණක් සුදුසු තරුණිය හා එසේ නොවන විවාහ ජීවිතයකට සුදුසු අහිංසක, විනීත තරුණිය විදියට. මේ දෙවැනියට කී තරුණියට ඔහු පෙම් කරනවා. ඇයව ආරක්ෂා කරනවා. ඇයත් එක්ක ගතකරන අනාගත පවුල් ජීවිතය පිළිබඳ අහස් මාලිගා තනනවා. ඒත් හිටි හැටියේ මේ විනීත තරුණිය හදිසියේ හඳුනාගත් පාදඩ පිරිමියකු හා පලා යනවා. ඇගේ වැදගත් පෙම්වතා තමන්ගේ අනාගත සුබ සිහිනෙන් කටුක සත්‍යයට අවදි වෙනවා. ඔහුට මේ සිදුවීම අදහාගන්න බෑ. තේරුම්ගත නොහෙන ඇගේ ද්‍රෝහීකම ඔහු අසහනයට පත් කරනවා.
මෙතැනදී රස්තියාදුකාරයා කියන්න හදන්නේ ගැහැනු කවුරුද වරදේ නොබැඳෙන? කියලා නෙවෙයි. පිරිමියකු ආදරයට රාගය පටලවා ගන්නේ නැතිව ඉන්නවා. ඒත් ගැහැනියට ආදරය කියන්නේ රාගයත් එක්ක යන සම්මිශ්‍රණයක්. තමන්ගේ පෙම්වතියට ආදරය කරන, ඇය ගැන කවි පද බඳින, අෑ ගැන මනෝ ලෝකයක ඉන්න පිරිමියා ඇයට වැඩක් නෑ. ඇයට ඕනෑ ඇය එක්ක හුදෙකලා වෙන්න ආශා, ඇයව සිපගන්න, ඇගේ ශරීරය ආදරයෙන් ගවේෂණය කරන පෙම්වතෙක්. ඇයට ආදරය හරියට දැනෙන්නේ එතකොට. තමන්ට ආදරේ කරන, තමන්ගේ සිරුරට ආශා කරන පිරිමියකුයි ඇය ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ පෙම්වතකුට ඇය තමන්ව පූජා කරනවා.
විවාහයට පෙරාතුව ගැබ්ගන්නේ එහෙම නැතිනම් කන්‍යාභාවය අහිමිව අසරණ වන තරුණියෝ කියන්නේ තමන්ට සමීප වුණු පෙම්වතාට කිසිදු ඉතිරියකින් තොරව ආදරය කරපු අය. එහෙම නැතිව අධික කාමාශාව නිසා පිරිමින් පතපු තරුණියන් නෙවෙයි. ආදරය නිසාම පිරිමින්ට ඉඩ දුන්නු තරුණියක ඒ පිරිමියා නම් කරන්නේ පැනලා දෙන, වල් ගැහැනියක විදියට. පිරිමි ලෝකයේ මේ කතාවට තටු ලැබෙනවා. ඊළඟට ඇයට හමුවන පිරිමියා එන්නෙම ඇගේ ශරීරය පතාගෙන. මෙතැනදී ආදරය නිසාම ඒ තරුණිය මහමඟට වැටෙනවා.
මේ ලක්ෂ්‍යයේදී රස්තියාදුකාරයාට මතක් වෙන්නේ ගුණදාස අමරසේකරගේ මුල් කාලයේ නවකතා. යළි උපන්නෙමි, ගන්ධබ්බ අපදානය වගේ කතා. ඒ කතාවල ගමෙන් නගරයට එන බුද්ධිමතාට නොතේරෙන්නෙම ගැහැනිය සහ ගැහැනියකගේ ආදරය. ඔහු තමන් ආදරය කරන තරුණිය සමඟ ආධ්‍යාත්මික ප්‍රේමයක් ගැන සිතනවා; ඇය පාරිශුද්ධ තරුණියක ලෙස දකිනවා. එහෙත් ඇයට ඕනෑ ඔහුගෙන් හාදුවක්. ඔහු සමඟ හුදෙකලාව පෙම් සුව විඳින්න. මේ වෙලාවේ අපේ ග්‍රාමීය පෙම්වතා වියවුලකට යනවා. ඔහුට ප්‍රේමාලිංගන ග්‍රාම්‍ය අසභ්‍ය දේ. ව්‍යවහාර ලෝකයට පිටුපාලා කාව්‍යමය ලෝකයක තනිවුණු අමරසේකරලාගේ ඛේදාන්තය එයයි.
මතක තියාගන්න, ගැහැනිය ආදරය දකින්නේ ලස්සන වචන අහසේ සමනල්ලු, මල් අස්සේ විතරක් නෙවෙයි. ඇයට, ඇගේ ශරීරයට ආශා කරන පෙම්වතාගේ ප්‍රේමාලිංගනය ඇතුළේ.
Sunday, May 18, 2014
Monday, May 5, 2014
ජේත්තුකාර රස්තියාදුව 0 May 4, 2014 2:00 am Hits(28)
ජීවිතය කියන්නේ හැමෝම වගේ පිළිවෙළකට ගත කරන්න බලාපොරොත්තුවන්නක්. ඒත් කාගෙවත් ජීවිත එහෙම පිළිවෙළකට ගත වෙන්නේ නෑ. නොසිතපු මොහොතක සිදුවන අලකලංචියකින් ජීවිතයේ රිද්මය බිඳෙනවා. කෙනෙක් තමන්ගේ ළමාවිය ගත කරලා ගැටවර වියෙනුත් පසුව රැකියාවක් නැතිනම් ජීවනෝපායක් සොයා ගන්නවා. මෙන්න මේ කාලෙදි තමන් හිටපු අම්ම, තාත්තා සහෝදර, සහෝදරියෝ ඇතුළත් පවුලෙන් වෙන්වෙලා මෙයා තමන්ටම පවුලක් හදා ගන්නවා.
ඒ කියන්නේ විවාහ වෙනවා. විවාහයෙන් පසුව දරු මල්ලෝ; එයාලා ලොකු මහත් කරලා ලොකු මහත්වරු කරන එක ජීවිතයේ ඒකායන අරමුණ බවට පත්වෙනවා. මෙන්න මේ අරමුණට කෙනෙක්ට පිළිවෙළකට ළඟා වෙන්න අමාරුයි. සමහර විට තමන්ගේ මරණය නැතිනම් බරපතළ අසනීප තත්ත්වයක් මෙතැනදී හරස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් බලාපොරොත්තු ගොන්නක් පොදි කර ගෙන ඇහැ වගේ බලා ගත්ත දරුවාගේ මරණයක්; එහෙම නැතිනම් දරුවාගේ මෑණියන්ගේ මරණයක් වුණත් මේ ජීවිතයේ තියෙන පිළිවෙළ බිඳ දමනවා.
මරණය කියන්නේ උපන් හැමෝටම කවදා හරි අත් විඳින්න වෙන සංසිද්ධියක්. මරණයේ දුක මළවුන් එක්ක වැළලෙනවා කියලත් කියනවා. කොහොම නමුත් රස්තියාදුකාරයා ඇතුළු අප හැමෝම ජීවත් වෙන්නෙත් දින නියමයක් නැති මරණ දඬුවමක් එක්කළා. මරණයකදී ඇති වෙන්නේ දරාගත නොහැකි ශෝකයක්. දුකක්. වේදනාවක්.
මීට අමතරව තමන්ගේ බිරිය නැතිනම් සැමියා තමන්ව අත් හැරලා පිටත සබඳතාවකට යෑමෙන් තමන්ගේ පවුල සීසීකඩ විසිර යෑමේ සම්භාවිතාවක් පවතිනවා. හැම තැනදීම නොවුණත් මේ හැරයෑම බොහෝ විට මරණයක් තරම්ම නැතිනම් මරණයකට වඩා දරුණු අත්දැකීමක් වෙනවා. ඒත් ඒ හැමෝටම නෙවෙයි. ඒ වගේ තමාව අත්හැර බිරිය පැන යෑමේ සිදුවීමක් රස්තියාදුකාරයාට මෙතැනදී සිහිපත් වෙනවා. ඒ 2011 වසරේදී එළිදැකපු කෙටි කතා සංග්‍රහයකදී හමුවුණු කෙටි කතාවකින්. කෙටි කතා සංග්‍රහය ‘පර මලක සුගන්ධය’ රචකයා වෙන්නේ හෙන්රි ජයසූරිය. අදාළ කෙටි කතාවෙ නම ‘බත් කොල්ලා’.
බත් කොල්ලගේ වයස අවුරුදු 31යි. නමේ හැටියට එයා කරන්නේ තමන්ගේ බිරිය සඳමාලි පාර්සල් කරන බත් තමන්ගේ රැලේ බයිසිකලයේ නැඟලා තැන් තැන්වලට බෙදා හැරීමයි. රැලේ බයිසිකලය බත් කොල්ලට ලැබෙන්නේ තාත්තාගේ පරවේණි උරුමයෙන්. වින්කලේ බාස් උන්නැහැ බත් කොල්ලාගේ රැලේ බයිසිකලයයි. එයාගේ 28 හැවිරිදි බිරිය සඳමාලියි ගැන කියන්නේ මේ වගේ කතාවක්.
‘උෟට ඔය බයිසිකලෙයි උගේ ගෑනියි තරං වටිනා වෙන දෙයක් මේ තුන් ලෝකෙම නෑ’
බත් කොල්ලාගේ ජීවිතය ගෙවුණේ එකම විදියට. සඳමාලි උයන කෑම පාර්සල් දහවල බෙදා දුන්නට පස්සේ බත් කොල්ලා ලාසරස්ගෙන් හීන් අඩියක් ගහලා ගෙදර ඇවිත් නින්දක් දානවා. හවසට ටවුමට යන ඔහු පසුදා බත් පාර්සල්වලට අවශ්‍ය කළමනා ගෙන එනවා.
ඒත් නොසිතූ විදියට මේ දින චරියාව එක් දිනකදී වෙනස් වෙනවා. ඒ දහවලෙහි ගෙදර එන බත් කොල්ලාට සඳමාලි ගෙදර නැති බව පසක් වීමෙන් වෙනදා වගේ හවස හිස් පිඟන් ගේන්නවත්, සල්ලි එකතු කරන්නවත් බත් කොල්ලා එදා ගියේ නෑ. ඒ වෙනුවට එයා රෑ වෙන තුරුම සඳමාලිව හෙව්වා. ඒත් පලක් වුණේ නෑ. එදා පටන් බත් කොල්ලා දහවලට බත් ගෙනා යෑම නැවත්වූවා. ඒත් ඒ දින දෙක තුනකට පමණයි.
‘එක් හවස් යාමයක බැංකුවේ හුරු පුරුදු කස්ටර්මස්ලා අබියස බත් කොල්ලා කඟවේනකු සේ පෙනී සිටියා.
‘සර්’ ඔහු මහත්තුරුන්ව ඇමැතුවා.
හෙට ඉඳලා මං සර්ලට කෑම ගේනවා. දැන් ඉතිං කඩෙන් කන්න ඕනෙ නෑ. මතක් කරලා යන්නයි ආවෙ සර්’
‘මුදලාලි පවුල ආයෙ ආවද?’
‘මොන!’ බත් කොල්ලා පැවැසුවෙ ඉතා සන්සුන් සිතින් සැහැල්ලුවෙන්.
‘මං වෙන ගෑනියෙක් ගෙනාවා’
‘සර්ලා බය වෙන්න එපා! මේකිටත් හොඳට උයන්ඩන පිහන්න පුළුවන්. ඊයේ රෑ ටැස් කළා. හැම දෙයක්ම සඳමාලියට වඩා හුඟාක් හොඳයි’.
බත් කොල්ලා හිනාවුණා හයියෙං.
‘පෙරේදා රෑ රා තැබෑරුම ගාව උන්නේ කඩල ගොට්ටක් කකා තට්ට තනියෙං. කාත් කවුරුවත් නැති අනාථ වෙච්ච එකියක්. මං එක්කං ආවා!.. එච්චරයි. සමාජවාදෙ කියන්නේ ඕකටනෙ සර්! නැද්ද සර්?’
බත් කොල්ලා ආයේම මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්! ඔරිජිනල් රැලේ බයිසිකලයට නැඟුණා.
හෙට ගැන මහා බලාපොරොත්තුවක් නැති අද දවසේ ජීවිත වෙත බත් කොල්ලාගේ කතාව ඉවර වෙන්නේ ඒ විදියට. හැමිල්ටන් ඇළ ආශ්‍රිතව ඇළකන්දෙ ජීවත්වෙන බත් කොල්ලා අයිති වෙන්නේ සමාජයේ පහළ ස්තරයකට. සමහරු මුඩුක්කුවාසීන් විදියට මෙයාලා හඳුන්වන්නේ. බරපතළ විදියට කිව්වොත් පාදඩ පීඩිත පන්තිය නියෝජනය කරන්නේ ‘බත් කොල්ලා’.
මේ කතාවේ මුලදිම කියනවා බත් කොල්ලාට ලෝකය වෙන්නේ උගේ රැලේ බයිසිකලෙයි උගේ ගෑනියි විතරයි කියලා. ඒත් එයාගේ ගෑනි, සඳමාලි පැදුරටත් නොකියා පලා යනවා. ඒ ඇසිල්ලෙන් කොල්ලා තවත් ගෑනියෙක් ගේනවා. ආයේම රැලේ බයිසිකලේයි, ගෑනියකුයි කොල්ලාට ඉන්නවා.
මෙතැනදී බත් කොල්ලාට උගේ වහල යට ගෑනියෙක් ඉඳීම අවශ්‍යයයි. ඒ බත් වෙළෙ¼දාමට සහ කායික අවශ්‍යතා පිරිමසා ගන්නට. එතැනදී අවුරුදු 9ක් එකට හිටපු සඳමාලිද වෙන එකියක්ද කියන එක එයාට අදාළ නෑ. මගේ ගෑනිය කියන්නට කවුරුන් හෝ ගෑනියක්. එච්චරයි. වැඩේ සරලයි.
ලංකාවේදී කලාකාරයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු, ප්රබුද්ධයෝ, ගැහැනිය තේරුම් ගන්න බැරිව දිගින් දිගටම පොත් ලිව්වා. නාට්‍ය නිෂ්පාදනය කළා. ස්ත්‍රිය සොයා නොනවතින ගමනක යෙදුණා. මේ නොපවතින ස්ත්රියව හඳුනාගන්න බත් කොල්ලට තිබුණු ඉව මේ ප්රබුද්ධයන්ට තිබුණේ නෑ.
සඳමාලි ගෙදරින් ගිය දවසේ බත් කොල්ලා හැම තැනම ඇයව සෙව්වා. ඒත් හමු වුණේ නෑ, කොල්ලාට සඳමාලිව තේරුම් ගන්න තරම් න්‍යායික දැනුමක් තිබ්බේ නෑ. තමන් දන්න න්‍යායකට සඳමාලිව ගේන්න කොල්ලා දන්නේ නෑ. අනෙක් අතට සඳමාලි ගැන ඔළුවේ හදාගත්තු මනස්කාන්ත, පාර භෞතික කොල්ලාට තිබුණේ නෑ. කොල්ලා තේරුම් ගත්තේ මෙච්චරයි. ගැහැනිය සඳමාලි හෝ කවුරුන් හෝ මගේ වහල යට සිටින විට මගේ ගැහැනියයි. ඇගෙන් ඉටුවිය යුතු වන්නේ බත් ඉවීම සහ බත් පාර්සල් කිරීමට අමතරව අවශ්‍ය විටක කම් සැප ලැබීමට සහයෝගය දීමයි.
ආධ්‍යාත්මික ආදරය, සංසාරගත බැඳීම්, මේ කිසිවක් බත් කොල්ලාගේ දැනුමට ගෝචර වෙන්නේ නෑ දහවල් බත් පාර්සල් බෙදා හීන් අඩියක් ගසා, ටකරං වහල යට සිගරැට්ටුවක් උරමින් නින්දට වැටීම කොල්ලාගේ චිත්ත සමාදානයයි.
එක් අතකින් එදා වේල හම්බකර ගෙන අමාරුවෙන් දිවි ගෙවනවුට මානසික ගැටලු නෑ. ඒ ඔවුන්ට සිතන්නට වෙලාවක් නොමැති කම සහ පොත පතින් ඇට්ට කුණාවූ දැනුමක් නැති නිසාය. උගතුන්, බුද්ධිමතුන් යැයි සැලකෙන්නන්ට මුදල් මෙන්ම විවේකය ගෙවීමට කාලය තියෙනවා.
බත් කොල්ලාගේ ගෑනි වෙනුවට විද්‍යාඥයකුගේ, නැතිව මහාචාර්යවරයකුගේ බිරිය වෙනකකු හා ගියහොත් කුමක් වේවිද? පළමුව ඇය පිළිබඳ සොයන එතුමා අනතුරුව ඒ සම්බන්ධයෙන් න්‍යායිකව විශ්ලේෂණය කර සමහර විට නිසංසල අවහන්හලක මධු විතක් තොලගාමින් තම සහෘදයන් හා ගැහැනියගේ චපලත්වය සම්බන්ධ න්‍යායක් ගොඩනඟාවි. ඒ මධ්‍යම පාන්තිකයන්ට ඇති (නො) දැනුම අතිරික්ත කාලය සහ මුදල් නිසාය.
එහෙත් මීට වෙනස්ව බත් කොල්ලාට සිතන්නට දැනුමක්වත්, නාස්ති කරන්නට කාලයක්වත් නැත. කෙසේ හෝ බත් වෙළෙදාම කළ යුතුව තියෙනවා. තැබෑරුම අසල හමුවන ගැහැනියගේ පාරිශුද්ධතාව ඔහුට ගැටලුවක් නොවන අතර සඳමාලිගේ ඩියුටිය ඇය හොඳින් කිරීම ඔහුට ඕනෑවටත් වඩා ප්රමාණවත්ය.
මංගල යහනාවේදී පාරිශුද්ධ භාවය ඔප්පු කර ගත නොහැකි වූ බිරින්දෑවරු නිසා ඉතිරි ජීවිත කාලයම මානසිකව වද විඳින සැමියන්ට බත් කොල්ලා ආදර්ශයකි.
මධ්‍යම පාන්තිකයාට විවාහය යනු බැරූරුම් කාරණාවකි. පස් මහ බැලුම් බලා කළ යුත්තකි. එක්කෝ විවාහ ආදරය මුල් කර ගත් ඒවාය. නැතිනම් යෝජිත ඒවාය. ඒ කෙසේ වුව විවාහයේ දී මධ්‍යම පාන්තික සැමියා ආදරයට මුල් තැන දුන්නත් ලිංගික විශ්වාසය ඇගෙන් පතයි. ඒ ඇය තමා හැර අන් පිරිමියකුගේ පහස නොලැබිය යුතු බවයි.
බොහෝ කොට මධ්‍යම පාන්තික සැමියා තම බිරියගේ අණට ඉහළින් නොයන්නෙකි. අෑ අකැමැති මත්පැන් පානය ඔහු අත්හරියි. දුම්පානය බැහැර කරයි. අෑ කැමැති සියල්ල ඉෂ්ට කිරීමට ඔහු සැදී පැහැදී සිටී. රස්තියාදුකාරයාට අනුව ගැහැනුන් මත්පැන් සහ දුම්වැටිවලට ප්‍රසිද්ධියේ විරුද්ධ බව ඇත්තකි. එහෙත් රස්තියාදුකාරයාට ඇති ගැටලුව වන්නේ මත්පැන් නොබොන, දුම්පානය නොකරන, සිය බිරිය අකැමැති කිසිවක් නොකරන වැදගත් මහත්වරුන්ගේ බිරියන් මත්පැනින්, දුම්වැටියෙන් තොර ලොවක් නැති පාදඩ පිරිමින් හා හොර රහසේ කම් සැප විඳින්නේ ඇයි යන්නයි.
රස්තියාදුකාරයා මේ පැනයට පිළිතුරක් දීමට ඉක්මන් වන්නේ නෑ. එසේ වුවහොත් මත්පැන්, දුම්වැටි බේතකටවත් සොයා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇත.
ඉතිං ජීවිතයේ පිළිවෙළක් තියෙන එකේ වරදක් නෑ. ඒත් මතක තියා ගන්න මේ පිළිවෙළ බිඳ වැටෙන්න නියමිත ගැහැනිය හෝ බිරිය නිසා නෙවෙයි. අෑ ගැන තියෙන පාර භෞතික විශ්වාසය නිසා.

Monday, March 3, 2014
“කවුළුව” යනු රස්තියාදුකාරයාට අනුව යම් ආකාරයකට සුවිශේෂී චිත්‍රපටයකි. තිස්ස අබේසේකර තිර රචනයෙන් දායක වුණු “කවුළුව” අධ්‍යක්ෂණය කළේ ඩැනී ඩබ්ලිව්. පතිරණයි. හා පුරා කියා තිරයට පැමිණියේ 1981 වසරේදීය. “කවුළුව” යනු සාලිය, අශෝකමාලා ගණයේ පෙම් පුවතක් ලෙසට කෙනකු වරදවා වටහා ගන්නට බොහෝදුරට ඉඩ ඇත. එසේ වුව “කවුළුව” යනු හුදු අවරගණයේලා සැලකිය යුතු චිත්‍රපටයක් නොවේ.
ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය සිරිලකට හඳුන්වා වසර 3කට පසු “කවුළුව” තිරගත වුවද, කඩිනමින් වෙනසකට භාජන වූ චින්තනමය පෙරළියක් “කවුළුවේ” දක්නට නොලැබේ. එබැවින් අසූව දශකයේ මුල් භාගයේ තිරගත වුවද “කවුළුව” අපට කවුළුවක් තනන්නේ 78ට පෙර පැවැති ලාංකේය අග නාගරික සංස්කෘතිය වෙත එබී බැලීමටය.
“කවුළුවේ” කතා වස්තුව සැකෙවින් මෙසේය. කොළඹ කුරුඳුවත්තේ වෙසෙන විවාහක කාන්තාවක වූ මෝනා (දිල්හාරා ජයවර්ධන)ගේ අනියම් පෙම්වතා අනුර (සනත් ගුණතිලක)ය. ඔහු මෝටර් කාර්මිකයෙකි. දිනක් මෝනාගේ නිවෙසේ පෙම් සුව විඳි අනුරාධ (සනත් ගුණතිලක)ට ස්ත්‍රියකගේ ළතෝනියක් ශ්‍රවණය වේ. උඩු මහලේ කවුළුවකින් එබී බලන අනුර ඉදිරිපස නිවෙසේ සිට දිව යන තරුණියක දකියි. අනුරට ඇසුණු කෑගැසීම විදුලි සැර වැදී මියගිය මායා (ස්වර්ණා මල්ලවාරච්චි)ගේ බව අනතුරුව අපට වැටහේ. මායා ධනවතකු වූ රංජිත් (විජය කුමාරණතුංග)ගේ බිරියයි. පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ (රෙක්ස් කොඩිප්පිලි)ගේ ප්‍රශ්න හමුවේ රංජිත්, මායා හා බැඳුණු සිය කෙටි අතීතය හෙළි කරයි.
දිනක් සිය ඇවැස්ස නෑනා වන අංජලී (සබීතා පෙරේරා)ගේ උපන් දින සාදයට සහභාගි වී ආපසු එන බීමත් රංජිත්ගේ රියට හැපෙන මායාගේ පියා මියයයි. පසුතැවිල්ලට පත්වන රංජිත් මවද අහිමි මායාගේ දුක සැප සොයා බලයි. රංජිත් හා මායා අතර පෙම් සබඳතාවක් ඇතැයි ඔහුගේ මවුපියෝ වරදවා වටහා ගනිති. රංජිත්ගේ මව මහමඟදී මායාට තර්ජනය කරයි. තම නිවසින් පිටව යන රංජිත් මායා විවාහ කර ගනියි. මෙසේ මායා මියයන්නේ ඔවුන් දෙදෙනා සතුටින් කල්ගත කරන අවධියේය.
මේ අතර මෝනාගේ දැඩි විරෝධතාව නොතකා අනුර ඇගේ නිවෙසේ කවුළුවෙන් තමා දුටු දේ පොලිසියට හෙළි කරයි. මායා මිය යන විට තමා ඒ නිවෙසේ සිටි බව අංජලී පිළිගනියි. අංජලී රංජිත්ගේ නිවෙසට යන්නේ අසනීපයෙන් පසුවන රංජිත්ගේ මව වෙත රංජිත්ව යැවීම අරමුණු කරගෙනය. එහිදී ඇය මායාට විදුලිසැර වැදුණු විට බියපත්ව පලාගිය බව පැහැදිලි වේ.
රැයෙහි මෝනා සොයා යන අනුරට හමුවන්නේ මෝනාගේ මළ සිරුරය. අනුරගේ හෙළිදරව්වෙන් අනතුරුව තම අනියම් පෙම හෙළිවේ යන බියෙන් ඇය සියදිවි තොර කරගෙනය.
මුහුදු වෙරළේදී අංජලීව හමුවන රංජිත්ට දැනගන්නට ලැබෙන්නේ මායාගේ දිවි බේරාගත හැකිව තිබියදී අංජලී එසේ නොකළ බවයි. වැලපෙන අංජලීට පිටුපා යන රංජිත්ගේ රූපයකින් “කවුළුව” වැසේ. චිත්‍රපටය නිමාව දකී.
“කවුළුව” චිත්‍රපටයේ අපට පෙම් සබඳතා දෙකක් හමුවේ. එකක් ධනවතකුගේ බිරිය වන මෝනා හා අනුර අතර අනියම් ප්‍රේමයයි. අනෙක මධ්‍යම පාන්තික රංජිත් හා මුඩුක්කු තරුණියක වන මායා අතර කෙටි විවාහ ජීවිතයයි. මේ සබඳතා දෙකම අවසාන වන්නේ මෝනාගේ මෙන්ම මායාගේද මරණයෙනි.
චිත්‍රපටයක් මඟින් සැම විටම පාහේ ඒ යුගයේ අධිපති මතවාදය නියෝජනය වේ යන්න මෙහිදී සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා “කවුළුව” අපට කවුළුවක් විවර කර දේ.
70 දශකයේදී අනියම් සබඳතාවක් යනු නිශ්චිත අවසානයක් සනිටුහන් කළ නොහැකි නොපවතින සම්බන්ධයකි. මෝනාගේ දිවි නසා ගැනීම අවශ්‍ය වනුයේ මේ නොපවතින සම්බන්ධය අවසානයකට ගෙන ඒමටය.
ඒ යුගයේ පන්ති සංචරණ හැකියාව, එනම් බොහෝ විට පහළ පන්තියක සිට ඉහළ පන්තියකට සංක්‍රමණය වීම යනු අභව්‍ය සිදුවීමකි. විය නොහැක්කකි. ඒ යුගයේදී අර්ථයකට ගෙන ඒමට නොහැකි රංජිත් හා මායා අතර විවාහ දිවිය මායාගේ මරණයෙන් නිමා වන්නේ එබැවිනි.
තවදුරටත් මායාගේ මරණය මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොනසා පවත්වා ගන්නට උපකාර කරයි. දැන් රංජිත්ට මියගිය යහපත් බිරියගේ මතක සමඟ ජීවත් විය හැකිය. ඒ අනුව මායාගේ මරණය සැබෑ ආදරය යනු සැබැවින්ම පවතින්නක් බව තහවුරු කරයි. දැන් මුඩුක්කුවක හැදුණු වැඩුණු තම බිරිය පිළිබඳව රංජිත්ට මෙසේ උදාන වාක්‍ය පැවැසිය හැකිය.
“මම උපන්න, හැදුණු, වැඩුණු පන්තියේ කා ළඟවත් දැක්කෙ නැති තරම් අවංකකමක් මම මායා ළඟ දැක්කා. ඒත් මම බැන්දෙ ආදරය මුල්කරගෙන නෙවෙයි.”
රංජිත්, මායාව විවාහ කරගත් පසු තමා තරම් කිසිවකු ශෝකයට පත්නොවූ බව අංජලී පවසයි. එහෙත් අංජලී යනු හුදෙක් ආදරයෙන් පැරැදුණු නාගරික පෙම්වතිය නොවේ. “කවුළුව” චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ඇයයි. 70 දශකයේ මතවාදය තහවුරු කරන්නේ ඇයයි.
අංජලී ඍජුව මායාගේ මරණයට වගකිවයුතු වන්නේ ඇය විදුලිය විසන්ධි කර මායා බේරා නොගන්නා බැවිනි. ඇය ඒ බව රංජිත්ගෙන් වසන් කළා නම් හෝ ඇය දකින විටත් මායා විදුලි සැරෙන් මියගොස් සිටියා නම් අංජලීට රංජිත්ව දිනාගන්නට ඉඩ තිබිණි. එහෙත් චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නට අංජලීට රංජිත්ව දිනා ගැනීමේ ඉඩකඩ අවුරාලමිනි. එසේ වන්නේ මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොවෙනස්ව තැබීමටය. සැබෑ ආදරය යනු සැබෑවට පවතින්නක් බව තහවුරු කිරීමටය.
එක පැත්තකින් මායාගේ මරණය හරහා යුගයේ පැවැතිය නොහැකි විවාහයක් නිමා කරන අංජලී අනෙක් පැත්තෙන් ආදරය යනු ඇත්ත ලෝකයේ පවතින්නක් බව තහවුරු කිරීමට උපකාරි වේ.
“කවුළුව” ආරම්භයේ රංජිත් සොයා යන අංජලීගේ රථය අනුර සොයාගෙන මෝනාගේ රථය හා ගැටෙන්නට ආසන්න වේ. එක් මොහොතකට පමණක් මෝනාගේ නෙත ගැටෙන මේ තරුණිය අංජලී වක්‍රව මෝනාගේ මරණ සහතිකය ලබාදේ. යම් හෙයකින් අංජලී දිව යනු අනුර නොදුටුවා නම් හෝ අංජලී දිවයනු දුටු බව අනුර පොලිසියට හෙළි නොකළා නම් මෝනාගේ දිවි ගැලවෙන්නට ඉඩ තිබිණි. එහෙත් ඊළඟ සතියේ මෝනාගේ සැමියා ආපසු ලංකාවට පැමිණි පසු අනුර හා මෝනාගේ අසම්මත කතාවට අර්ථයක් ඒ යුගයේ නොතිබිණි. එ බැවින් මෝනාට සියදිවි නසා ගන්නට ඉඩහැර අනියම් සබඳතා යනු නොපවතින්නක් බව තහවුරු කරයි.
මේ අනුව අංජලී යනු 70 දශකයේ පන්ති සංචරන හැකියාවක් නැති බව මෙන්ම අනියම් සබදතා යනු නොපවතින්නක් බව තහවුරු කරන්නියයි. රංජිත්ට මායාගේ මතකය සමඟ ඉන්නට ඉඩහැර ආදරය යනු සැබෑවක් බව තහවුරු කරන්නේද ඇයයි.
70 දශකය පුරාවට අනියම් සබඳතාවකදී කාන්තා පාර්ශ්වයට කඳුළු නොවියැකුණු දෙනෙතින් ශෝක වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබිණි. “කවුළුව” මේ ශෝක වන්නිය “මෝනා”ය. ඉංග්‍රීසි භාෂාවෙන් මෝන(ර්) යනු කඳුළු සලන්නිය වන විට කවුළුවේ දුකට පත් ස්ත්‍රිය කඳුළු සලන්නිය “මෝනා” වීම හුදු අහම්බයක්ද?
ඒ ආකාරයටම තත්‍ය ලෝකයේ සැබැවින් නොපවතින මායාවක් ලෙස අර්ථ ගැන්වෙද්දී “කවුළුවේ” හමුවන 70 දශකයේ සිටිය නොහැකි ස්ත්‍රිය “මායා” වීමත් හුදු අහම්බයක්ද?
කෙසේ වුව කොළඹ හතේ සුපිරි නිවෙසක විදුලි කාන්දුවකින් කාන්තාවක මියයෑම පිළිබඳව රස්තියාදුකාරයට ඇත්තේ බලවත් ශෝකයකි.

Saturday, February 1, 2014
ජේත්තුකාර රස්තියාදුව 0 February 2, 2014 2:00 am Hits(8)
ගමේ කඩ පිලේ දාම් අදින, ගමේ පාරේ බෝක්කු උඩ කල් යවන, රැයක් දවාලක් නොබලා ගම පුරා සැරිසරන තරුණයන් අදත් ඉන්නවා. මේ අයව ගම්මුන් පොදුවේ හඳුන්වන්නේ රස්තියාදුකාරයෝ කියලා. රෑට වතුවල කුරුම්බා, පොල් හොරකමේ යන, මයියොක්කා හොරාවට ගලවන මේ අය රා වගේම හොර අරක්කු ඒ කියන්නේ ගමේ බඩුත් පාවිච්චි කරනවා. වරදවා වටහාගන්න එපා. මේක ජීවිතය එක්ක කරන සොඳුරු රස්තියාදුවක් නෙවෙයි. කවදාටත් තරුණයන් අතහැර නොයන විරැකියාවේ ප්‍රතිඵලයක්. මෙන්න මේ වගේ තරුණයන්ව ‘වල්මත්වූවෝ’ විදියට වසන්ත ඔබේසේකර අපට හඳුන්වලා දෙනවා. ඒ 1976 දී. ඒ අදින් අවුරුදු තිස් ගණනකට පෙරාතුව. ඉතින් මේ නන්නත්තාර තාරුණ්‍යයේ කතාව අපි සාරාංශ ගතකරමු.
එකිනෙකා හා දැඩි ළෙන්ගතුකමකින් යුතු තරුණයන් පස් දෙනකු අපට හමුවෙනවා. ඒ සමන් (සිරිල් වික්‍රමගේ), සිරිල් (ටෝනි රණසිංහ), සුනිල් (ෂර්ලි ගෝමස්), සෝමදාස (සෝමසිරි දෙහිපිටිය) හා පීටර් (නාමල් වීරමුණි) ය. මේ අයගෙන් යමක් කමක් ඇති පවුලක තරුණයකු වන්නේ සිරිල් පමණයි. සමන් උපාධිධරයෙක්. පීටර් ගංජා විකුණනවා. සුනිල්ට අවශ්‍ය ලේඛකයකු වීමටයි. සෝමදාස රාත්‍රියේ හිමියන් නොමැති නිවෙස්වලට රිංගන සෙල්ලක්කාරයෙක්. ඔවුන්ගේ පොදු සාධකය නම් විරැකියාවයි.
චිත්‍රපටය ඇරැඹෙන්නේ මේ තරුණයන් ගම්බද පාරක කෙළිදෙළෙන් ඇවිද යන රූප රාමුවකින්. පසුබිමෙන් ඇසෙන්නේ මේ ගීතයයි.
මලින් මරේ රොන් පොපියන
රඟන බඹර ජීවිතේ
කප්පරු හිස දැවී ලියලන
නව යව්වන ජීවිතේ
අපට උරුම නැත - නාඬන් හදවත
තරුණ පැතුම් හිසින් දරා
මතු දවසට පෙරුම් පුරා
ඉපණැලි කටු කොහොල් මැදින්
මඟ සොයනා ගමනේ
කි¼දා බසින ජීවිතයට
නැත කිසි පිළිසරණේ
රාත්‍රියේ ගංජා උරමින්, බූරුවා ගසමින්, රා බොමින්, ගම පුරා ඇවිදින ඔවුන්ගේ සූදානම නාඩගමක් රඟ දැක්වීමටයි. මේ ‘රාජසිංහ නාඩගම’යි. හා හා පුරා කියලා එහි තිර රචකයා වන්නේ සුනිල්ය. ඒ මේ නාඩගම රඟ දක්වන අතරතුර පීටර් හිර භාරයට ගැනේ. ඒ ගංජා ළඟ තබා ගැනීමේ වරදටයි. නාඩගම කඩාකප්පල් වෙනවා. පීටර්ට විරුද්ධව පොලිසියට ඔත්තු දෙන්නේ සුමනදාස. ඔහු සමන්ගේ ගෙයත්, ඉඩමත් උකසට ගත්ත ගබ්රියෙල් ගේ පුතා. දැන් මේ තරුණයන්ට එක් මිතුරකු අහිමි වෙනවා.
සුනිල් හා සබඳකමක් පවත්වපු ෆිලොමිනා ගැබ් ගන්නවා. සොහොයුරා එවන මුදලින් යම්තම් ජීවිතය ගැට ගසා ගන්නා සුනිල්ට පවුල් ජීවිතයක් යනු සිහිනයක්. සුනිල් පැදුරටත් නොකියා පලා යනවා. ඒ ෆිලෝමිනාගෙන් ගැලවීමට නෙවෙයි. කරන්න වෙන දෙයක් නැති නිසා.
සමන්, සිරිල්ගේ නැඟෙණිය සුමනා සමඟ පෙම් සබඳතාවක් ගෙනයනවා. රැකියාවක් යනු සිහිනයක් නිසා සමන් එයාගේ උපාධි සහතිකය ගිනිබත් කරනවා. සුමනා වෙනකෙකු හා විවාහ වෙනවා. සමන්ගේ නිවෙස හා ඉඩම සින්න වෙන්න ආසන්න වෙනවා. සමන්ගේ පියා ගෙල වැලදාගෙන මිය යනවා. ශෝකයෙන් වියරු වැටෙන සමන් ගබ්රියෙල්ට පහරදීලා ඉඩමේ උකස්කරය පැහැර ගන්නවා. ඊට එරෙහිවන සුමනදාසට සමන් පිහියෙන් අනිනවා. පලා යන සමන් ගබ්රියෙල්ගේ වෙඩි පහරින් මිය යනවා.
සමන්ගේ දේහය රැගත් මිනී පෙට්ටියට කරදීමට ඉන්නේ සිරිල් හා සෝමදාස පමණයි. අවසානයේ සිරිල් ද සෝමදාසගෙන් සමුගෙන කොළඹ බලා යන දුම්රියකට ගොඩ වදිනවා.
ආපසු ගම දෙසට යන සෝමදාසගේ රූප රාමුවකින් වල්මත්වූවෝ නිමාව දකිනවා.
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා
අපිත් කිරට හැඬුවා
සා පවසට, අනේ අපට
කිරි එරුණේ නැතුවා....
වල්මත්වූවෝ හි තරුණයන්ටද අරමුණු තියෙනවා. නාඩගමෙන් ලැබෙන මුදලින් සුනිල් ලියූ පොත මුද්‍රණය කිරීමට ඔවුන් අදහස් කරනවා. රැකියාවක් ගැන සිහින නොදැක පීටර් නීති විරෝධී ආකාරයට මුදල් උපයනවා. සමන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ නිවෙස හා ඉඩම බේරා ගන්න. චිත්‍රපටයේ හමුවෙන ඇත්ත රස්තියාදුකාරයා සෝමදාස විතරයි. සෝමදාස ගමට බැඳුණු මිනිහෙක්. ඔහු ගම විඳිනවා. රැයේ සොපි අක්කාගේ ෙදාරට තට්ටු කරන ඔහු තවත් ගැමි ගැහැනුන්ගේ ෙදාරවලට තට්ටු කිරීමටත් මැළිවන්නේ නෑ. ඔහුගේ අනුරාගී සූරකම් ඔහුව ගමේම
සංඝටකයක් කරනවා.
වල්මත්වූවෝ හි දිශානතිය වටහාගන්නට ගම හැරගිය සුනිල් සිරිල් වෙත එවන ලිපිය ප්‍රමාණවත්.
“අපේ ගමේ නිස්කලංකෙට මම හරිම ආසයි. නමුත් වැඩක් නැතිව ගමේ පල්වෙන කොට ඒ නිස්කලංකයත් මිනිසුන්ට මහා බරක් වෙනවා. අරමුණක් නැතිව අපරාජිත ජීවිත ගත කරන්න මට කිසිම ආශාවක් නෑ. උඹලගෙ ගහ ගැනීම් නිසා හෝ ෆිලෝමිනාගේ සිද්ධිය නිසා මම ගමෙන් පැන ගියා නෙවෙයි. සදාකාලික ගමටම සීමා වූ අරමුණක් නැති ජීවිතයක් ගත කිරීමට බැරි නිසයි මම ගමෙන් පැනලා ගියේ. මම විතරක් නෙවෙයි සෝමදාසත්, සමනුත්, උඹත් උඹලගේ ඉගෙනීමෙන් පලක් නැතිව නිකම්ම වේළිලා යනවා. අපට වඩා වෙනත් මඟක් ගැනීමට පීටර්ට වුණ දේ උඹලා දන්නවානේ.
මෙගම සෞන්දර්යයෙන් යුතු වුවද අපි එයට කොටු වුණු සිරකරුවෝ වෙමු. සමාජය අපිව කොන්කර ඇති බැවින් අපි සමාජයෙන් අෑත්විය යුතුය. නැත්නම් සමාජය වෙනස් කළ යුතුය. ගමේ පල්වෙමින් මේ පියවර අපට ගත නොහැක.”
ගම පිළිබඳව මෙසේ සෞන්දර්යාත්මක කියැවීමකට යන්නේත්, ගමෙන් එපිට නගරයේදී සාක්ෂාත් කර ගත හැකි අරමුණු පිළිබඳව ෆැන්ටසියක් ගොඩනැඟන්නේත් නූගත් ගැමියා නොව ප්‍රාමාණික අධ්‍යාපනයක් ලද උගත් තරුණයකු වූ සුනිල්ය. ‘රාජසිංහ නාඩගම’ හා බැඳුණු ගම ඔහුට තව දුරටත් අනවශ්‍යයි. ෆිලොමිනා ගැබ් ගැනීමද සුනිල්ට අනුව අත්වැරැද්දකි.
“යාන්තම් පැදුර පෑගුණා විතරයි බං”
ගම යනු අතීතය, අත් හැරිය යුතු යමක් වන විට නගරය යනු දිනාගත යුතු ලෝකයක් ලෙස සුනිල් දකිනවා. යමක් කමක් ඇති සිරිල් පොඩි මහත්තයාට ගමේ නිස්කලංක ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් ගම හැරදා ඔහුද කොළඹ යනවා.
ගම යනු යළි සොබා දහම වන විට, මේ තරුණයන් නගරය කරා ඇදෙන්නේ සංස්කෘතිය සොයාද?
70 දශකයේදී ගමෙන්, නගරයට සංක්‍රමණය වුණු ගැමි තරුණයන්ට සිය අරමුණු සාක්ෂාත් කර ගන්නට පුළුවන් වීද? ගමදී නගරය ෆැන්ටසිකරණය කළ එවුන් නගරයේදී සිය ෆැන්ටසියෙන් සැබෑවට අවදිවන්නට ඇත්ද? මේ පිළිබඳව දැනගන්නට ඊළඟ සතිය වන තුරු ඉවසන්නට ඔබට සිදුවෙනවා. ඒ රස්තියාදුකාරයා ගමෙන් නගරයට ආ තරුණයන් ඔබ හමුවට ගෙන එන නිසා. ඒ වසන්තගේම නිර්මාණයක් වූ ‘දියමන්ති’ හරහා.
පහනේ තෙල් සිඳෙන තුරා
තටු ගිලිහී දැවෙන තුරා
පහන් සිළුව වටා රඟන
පළගැටි රෑනයි....
මිරිඟු සයුරු සොයා සරණ
පළගැටි රෑනයි...

Subscribe to:
Posts (Atom)